අධිවේගය රටට බරක්..පෝට්සිටි නිසා ඉංගිරියේ ලිං හිඳිලා... - අනුර කුමාර [VIDEO]

0

anura kumara

කොළඹ වරාය නගරය ඉදි කිරීමේදී එදා දැක්වූ පාරිසරික විවේචනයක් බවත් එය අදටද වලංගු බව ජාතික ජන බලවේගය නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.


කොළඹ වරාය නගරයට ගල් ගෙන ආ නිසා ඉංගිරිය ප්‍රදේශයේ ලිං හිඳී ගොස් ඇති බවත් කඩුවෙල දිවුලපිටිය ප්‍රදේශයෙත් එම තත්ත්වය උදාවී ඇති බවත් හෙතෙම කියා සිටී .


දෙරණ නාලිකාවේ පැවති 360 දේශපාලන වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පල කළේය.


අධිවේගී මාර්ගය ඉදිකළද ඒ හා බැඳුණු නගර හා සංවර්ධන සැලැස්මක් නොමැති වීම නිසා අද අධිවේගී මාර්ගය තිබුණද එය බරක් වී ඇතැයිද හෙතෙම කියා සිටියේය.


අධිවේගී මාර්ගයක් පැවතීම හොඳ නමුත් ඒ හා බැඳුණු කර්මාන්ත ශාලා ජාලයක්ද නිතර ගමන් කරන බහලුන් ප්‍රවාහන රථද පැවතිය යුතු වුවත් වසර 15කට පසුවද එම තත්ත්වය උදා වී නැතැයිද හෙතෙම එහිදී තව දුරටත් පැවසුවේය.






එම සම්පූර්ණ වැඩසටහන පහලින් බලන්න | Derana 360 | අනුර කුමාර දිසානායක | With Anura Kumara Dissanayaka | 2024.05.06

Post a Comment

0 Comments
Post a Comment (0)
ළ්ෂ

#buttons=(OK) #days=(20)

ඊලඟ පාර එනකොට වෙබ් සයිට් එක ඉක්මනින් ලෝඩ් වෙන්න OK ඔබන්න.
Accept !
To Top