ගාසාහි ළමා අරමුදලට මාවනැල්ල සහිරා විද්‍යාලයෙන් රුපියල් ලක්ෂ 33ක් දීලා

0
mawanella zahira college


 ගාසාහි ළමා අරමුදල වෙනුවෙන් මාවනැල්ල සහිරා විද්‍යාලය විසින් රුපියල් ලක්ෂ 33ක මුදලක් ලබාදී තිබෙන අතර ඊට අදාළ චෙක්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත මුදල් අමාත්‍යාංශයේ දී මැයි 03 බාර දෙනු ලැබීය.


ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති අරමුදලේ ලේකම් සරත් කුමාර මහතා සහ මාවනැල්ල සහිරා විද්‍යාලයේ විදුහල්පති ඒ. එම් නව්සාඩ්, ආචාර්ය මණ්ඩලය වෙනුවෙන් එස්. එම් නවාස්, සහ එම්. එස්. එම්. නලිම්, පාසල් සංවර්ධන සමිතියේ ලේකම් එම්. එච් රිලාෆ් මොහොමඩ්, ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම් එස්. එල් මොහොමඩ් රිෆ්කාන්, එම්. එස්. එම් නිලාර්ඩීන් යන මහත්වරුන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) ආරම්භ කරන ලදී. 

Post a Comment

0 Comments
Post a Comment (0)
ළ්ෂ

#buttons=(OK) #days=(20)

ඊලඟ පාර එනකොට වෙබ් සයිට් එක ඉක්මනින් ලෝඩ් වෙන්න OK ඔබන්න.
Accept !
To Top