ජර්මනියේ ඉස්ලාම් අන්තවාදී විරෝධී රැලියකට පිහි ප්‍රහාරයක් - 6කට තුවාල

0
islam germany


 නිරිතදිග ජර්මනියේ මැන්හයිම් නගරයේ වෙළෙඳපොළ  චතුරශ්‍රයකදී පුද්ගලයෙකු විසින් පොලිස් නිලධාරියෙකු ඇතුළු හය දෙනෙකුට පිහියකින් පහර දී තුවාල සිදුකර තිබේ.


විදෙස් වාර්තා සඳහන් කළේ තුවාල ලැබූවන්ගෙන් එක් අයෙකු ඉස්ලාම් විරෝධී ක්‍රියාකාරිකයෙකු වන මයිකල් ස්ටර්සන්බර්ග් වන බවත් ඔහු චතුරශ්‍රයේ රැලියක් පැවැත්වීමට සූදානම්ව සිට ඇති බවත් ය.


මෙම සිදුවීම යූ ටියුබ් නාලිකාවක සජීවීව විකාශය වී ඇති අතර ප්‍රහාරකයා පුද්ගලයෙකුට පිහියෙන් ඇන ඇති අතර පසුව උදව් කිරීමට ගිය පොලිස් නිලධාරියෙකුට ද ප්‍රහාරයක් එල්ල කර ඇත.


එම අවස්තාවේදී ප්‍රහාරකයාට තවත් පොලිස් නිලධාරියෙකු විසින් වෙඩි තබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.


ප්‍රහාරය එල්ල කර ඇත්තේ ඇෆ්ගනිස්තානයේ උපත ලබා ජර්මනියේ ජීවත් වන 25 හැවිරිදි තරුණයෙකු බව සඳහන් වේ.


Post a Comment

0 Comments
Post a Comment (0)
ළ්ෂ

#buttons=(OK) #days=(20)

ඊලඟ පාර එනකොට වෙබ් සයිට් එක ඉක්මනින් ලෝඩ් වෙන්න OK ඔබන්න.
Accept !
To Top