මීගමුවේ කොන්ඩ කපන මැෂින් වල බුදු රුව

0
negombo budu ruwa buddha

 බුදුරජාණන් වහන්සේගේ රූපය නවීන මාදිලියේ කොන්ඩෙ කපන මැෂින් කීපයක සලකුණු කර ඒවා අලෙවිය සඳහා තබා තිබියදී සැකකාර පුද්ගලයකු සමග මැෂින් කිහිපයක් අත්අඩංගුවට ගත් බව මීගමුව පොලිසියේ විශේෂ කාර්යාංශය පවසයි.


ආගමික ශාස්තෘවරුන්ගේ රුව වෙළෙඳ භාණ්ඩවල ඇතුළත් කොට අලෙවි කිරීම නීතියෙන් තහනම් කර තිබියදී එලෙස බුදුරජාණන් වහන්සේගේ රූපය වෙළෙඳ භාණ්ඩවල සටහන් කිරීම අලෙවියට තැබීම නීතියෙන් තහනම් බව පොලිසිය පවසයි. මීගමුවේ සතිපොළක මෙලෙස මැෂින් තොගයක් ප්‍රදර්ශනය කරමින් අලෙවියට තබා තිබියදී ලැබුණු තොරතුරක් අනුව මීගමුව පොලිසියේ විශේෂ කාර්යාංශයේ පොලිස් පරීක්ෂක අබේසේකර හා පො.කො. 31501 විජේකෝන් යන නිලධාරින් මෙම අත්අඩංගුවට ගැනීම කර තිබිණි. සිද්ධිය අධිකරණයට වාර්තා කිරීමට නියමිතය.

Tags

Post a Comment

0 Comments
Post a Comment (0)
ළ්ෂ

#buttons=(OK) #days=(20)

ඊලඟ පාර එනකොට වෙබ් සයිට් එක ඉක්මනින් ලෝඩ් වෙන්න OK ඔබන්න.
Accept !
To Top