2025 දී වැඩියෙන්ම ගවයින් ඝාතනය කර ඇත්තේ මඩකලපුව දිස්ත්‍රික්කයේයි - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

0
cow kill Batticaloa

 ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද නවතම සංඛ්‍යාලේඛනවලට අනුව, 2025 කාලපරිච්ඡේදය තුළ ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී ඝාතකාගාරවල වැඩිම එළුවන් සහ බැටළුවන් සංඛ්‍යාවක් ඝාතනය කර ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයේ බවට තොරතුරු වාර්තා වෙනවා.

දත්තවලට අනුව 2025 වසරේදී කොළඹ ප්‍රදේශයේ එළුවන් සහ බැටළුවන් 28,388 දෙනෙකු ඝාතනය කර ඇති අතර, මඩකලපුවේ 7,195 ක්, මහනුවර 3,971 ක් සහ යාපනය 3,299ක් ලෙස වාර්තා වී තිබෙනවා.


එමෙන්ම පුත්තලමෙන් වාර්තා වී ඇති එළුවන් සහ බැටළුවන්ගේ ඝාතන සංඛ්‍යාව 472ක්.


එමෙන්ම කුරුණෑගල, අනුරාධපුරය, පොලොන්නරුව සහ මොණරාගලින් කිසිදු එළුවන් සහ බැටළුවන් ඝාතනය වීමක් වාර්තා වී නැහැ.


එසේම, වසර තුළ සියලුම දිස්ත්‍රික්ක අතරින් වැඩිම ගවයින් සංඛ්‍යාවක් ඝාතනය කර ඇත්තේ මඩකලපුවෙන් වන අතර එම සංඛ්‍යාව 30,190ක්.


ඊළඟට වැඩිම ගව ඝාතන සංඛ්‍යාවක් වාර්තා වන්නේ අම්පාර දිස්ත්‍රික්කයෙන් වන අතර එම ගණන 27,078ක්.


අනුරාධපුරයෙන් ගව ඝාතන 15,707ක් වාර්තා වෙන අතර කුරුණෑගලින් වාර්තා වන්නේ 13,646ක්.


ත්‍රිකුණාමලයෙන් වාර්තා වෙන ගව ඝාතන ගණන 13,307ක්.


2025 වසරේදී දිවයින පුරා ඝාතනය කරන ලද සමස්ත ගවයින් සංඛ්‍යාව 156,270 ක් වන අතර, එය 2024 වසරේ වාර්තා වූ 164,177 ට සාපේක්ෂව පහත වැටීමක්.


කෙසේ වෙතත්, මෙම අගය 2023 (146,339) සහ 2022 (147,562) වසරවල වාර්තා වූ සමස්තයන්ට වඩා ඉහළ මට්ටමක පවතින අතර, 2021 වසරේදී ගවයින් 151,841 දෙනෙකු ඝාතනය කර තිබූ බවට වාර්තා වෙනවා.


2011 වසරේ ඝාතනය කළ ගවයින් ගණන 162,104ක් වෙන අතර 2012 එය වාර්තා වූයේ 173,828ක් ලෙසයි.


2025 දී දිවයින පුරා ඝාතනය කරන ලද සමස්ත එළුවන් සහ බැටළුවන් සංඛ්‍යාව 44,755 ක් ලෙස සටහන් වෙනවා.

Tags

Post a Comment

0 Comments
Post a Comment (0)
ළ්ෂ

#buttons=(OK) #days=(20)

ඊලඟ පාර එනකොට වෙබ් සයිට් එක ඉක්මනින් ලෝඩ් වෙන්න OK ඔබන්න.
Accept !
To Top