
අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ පිළිබඳව 2026 අගෝස්තු 09 සමස්ත ලංකා ජමියතුල් උලමා සභාව දැනුවත් කර තිබෙනවා.
ඊට අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර, නියෝජ්‍ය කතානායක වෛද්‍ය රිස්වි සාලි සහ ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර් සහ යන මහත්වරු ඇතුළු රජයේ නියෝජිත පිරිසක් එක්ව සිටියා.
මෙහිදී සමස්ත ලංකා ජමියතුල් උලමා සභාව (ACJU) හමුවී අධිකරණ සහ බන්ධනාගාර ක්ෂේත්‍රයේ දැනට ක්‍රියාත්මක කෙරෙන ප්‍රතිසංස්කරණ පිළිබඳව දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කර තිබෙනවා.
ජමියතුල් උලමා සභාවේ ප්‍රධානී රිස්වි මුෆ්ති මහතා, එහි මහ ලේකම් අශ් ශේහ්ක් අර්කම් නූරාමිත් මව්ලවිතුමා ඇතුළු විධායක සභා සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් පැවැති මෙම හමුවේදී, අධිකරණ පද්ධතිය සම්බන්ධයෙන් වර්තමානයේ සමාජයේ සංසරණය වන අසත්‍ය තොරතුරු නිරාකරණය කරමින් රජයේ වත්මන් ප්‍රගතිය පිළිබඳව දැනුවත් කිරීමට පියවර ගත බවයි වාර්තා වන්නේ.