කතකගෙන් රු. 10,000 ක් අල්ලස් ගත් කාති විනිසුරු දැලේ

0

 

කාන්තාවකගෙන් රුපියල් 10,000 ක මුදලක් අල්ලස් ලෙස ලබාගත් බව කියන 77 හැවිරිදි වියේ පසුවන කාති උසාවියේ විනිසුරුවරයකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


දික්කසාද නඩුවකින් වන්දි මුදල් ලබාදීමේ පොරොන්දුව මත කාන්තාවගෙන් මෙම අල්ලස් මුදල ලබාගෙන ඇති බවත් අදාළ විනිසුරුවරයා මාතලේ මන්දණ්ඩාවල කාති උසාවියේ විනිසුරුවරයකු බවත් මාතලේ පොලිසිය පවසයි.


මොහොමඩ් රිස්නා නමැති කාන්තාව විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට කරන ලද පැමිණිල්ලකින් පසු එම කාන්තාව විසින් අදාළ මුදල ලබා දෙන අවස්ථාවේ මෙසේ විනිසුරුවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ වරකාමුර ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදීමය.


අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් සැකකරු මාතලේ පොලිසියට භාරදී තිබේ.


සමන්ති වීරසේකර

Tags

Post a Comment

0 Comments
Post a Comment (0)
ළ්ෂ

#buttons=(OK) #days=(20)

ඊලඟ පාර එනකොට වෙබ් සයිට් එක ඉක්මනින් ලෝඩ් වෙන්න OK ඔබන්න.
Accept !
To Top