අප්‍රිකාවෙන් පිටත පළමු වඳුරු උණ රෝගියා ස්වීඩනයෙන් වාර්තා වෙයි

0

mpox
 

අප්‍රිකානු මහාද්වීපයෙන් පිටත පළමු වඳුරු උණ රෝගියා ස්වීඩනයෙන් හමුව තිබෙනවා.


වඳුරු උණ හෙවත් 'mpox' ගෝලීයව පැතිරයාමට වැඩි ඉඩක් ඇති බෝවන වසංගත රෝගී තත්ත්වයකි.


වයිරසය ව්‍යාප්ත වූයේ අප්‍රිකා රටවල වන අතර යුරෝපා රටකින් ඒ පිළිබඳව වාර්තා වුණු පළමු අවස්ථාව මෙයයි.


මේ වන විට ප්‍රධාන වශයෙන් 'mpox Clad 1' පැතිර යන අප්‍රිකාවේ ප්‍රදේශයක රැඳී සිටියදී අදාළ පුද්ගලයා ආසාදනය වී ඇති බවයි වාර්තා වන්නේ.


අප්‍රිකාවේ වේගයෙන් පැතිර යන mpox තත්ත්වය හමුවේ, ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් 'මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක්' ද ප්‍රකාශයට පත්කරනු ලැබුවා.


වයිරසයේ මුල් අදියරේදී කොංගෝ හි අවම වශයෙන් පුද්ගලයින් 450 දෙනෙකු මිය ගිය අතර එතැන් පටන් මෙම රෝගය මධ්‍යම සහ නැගෙනහිර අප්‍රිකාවේ ප්‍රදේශවලට ද ව්‍යාප්ත වූවා.

Post a Comment

0 Comments
Post a Comment (0)
ළ්ෂ

#buttons=(OK) #days=(20)

ඊලඟ පාර එනකොට වෙබ් සයිට් එක ඉක්මනින් ලෝඩ් වෙන්න OK ඔබන්න.
Accept !
To Top