රනිල් පොරොන්දු වෙන රුපියල් 25,000 වැටුප් වැඩිවීම කිසි ලෙසකින් ලබාදෙන්න බැහැ - අනුර

0

anura kumara dissanayake

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ලබාදෙනවා යැයි කියන රුපියල් 4000 ක පොහොර සහනාධාරය හා රුපියල් 25,000 ක රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම ලබාදීමට කිසි විටෙකත් නොහැකි බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.


රාජ්‍ය සේවකයින් මිලියන 1.4 ක් සිටින බවත් ඔවුන් 25,000 බැඟින් වැටුප් වැඩිකළ හොත් මාසයකට රුපියල් බිලියන 36 ක මුදලක් අවශ්‍ය වන බවයි බණ්ඩාරගම ප්‍රදේශයේ ජන රැළියක් අමතමි​න් ඔහු සඳහන් කළේ.


වසරකට ඒ සඳහා බිලියන 400 කට වඩා අවශ්‍ය වන බවත් පොරොන්දු වන පරිදි රනිල් වික්‍රමසිංහ ජනවාරි මාසයේ වැටුප් වැඩිවීමක් සිදු නොකරන බවද අනුර කුමාර දිසානායක සඳහන් කළා.

Post a Comment

0 Comments
Post a Comment (0)
ළ්ෂ

#buttons=(OK) #days=(20)

ඊලඟ පාර එනකොට වෙබ් සයිට් එක ඉක්මනින් ලෝඩ් වෙන්න OK ඔබන්න.
Accept !
To Top