ලෝක වාර්තාවක් තැබූ රොනාල්ඩෝගේ YouTube චැනලය

0

christiyano ronaldo youtube channel



ලෝකප්‍රකට පාපන්දු ක්‍රීඩක පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ නව ලෝක වාර්තාවක් බිහි කර තිබෙනවා.


එහි විශේෂත්වය වන්නේ ඔහු මෙම ලෝක වාර්තාව බිහි කර ඇත්තේ පාපන්දු ක්‍රීඩාවෙන් නොව යූ ටියුබ් හරහා වීමයි. 


ඔහු සිය යූ ටියුබ් නාලිකාව ආරම්භ කර විනාඩි 90ක් ගත වීමට පෙර එය සබ්ස්ක්‍රයිබ් කළ සංඛ්‍යාව මිලියනයේ සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

එය ඉතිහාසයට එක් වූයේ අඩුම කාලයකින් යූ ටියුබ් සබ්ස්ක්‍රයිබ් මිලියනයේ සීමාව පසු කළ ලොව පළමු අවස්ථාව ලෙසයි. 


සිය යූ ටියුබ් නාලිකාව ආරම්භ කිරීමට පෙර ඊයේ දිනයේ ඔහු සිය සෙසු සමාජ මාධ්‍ය ජාලවල සටහනක් ඇතුළත් කර තිබුණා.


ඒ අනුවයි ඔහුට වේගවත්ම යූ ටියුබ් සබ්ස්ක්‍රයිබ් මිලියනයේ සීමාව පසුකළ පුද්ගලයා බවට පත් වීමට හැකි වී ඇත්තේ.


මේ වන විට ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ යූ ටියුබ් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර ඇති සංඛ්‍යාව මිලියන 14කට අධිකයි. 


ලොව වැඩිම පරිශීලකයින් පිරිසක් සිටින ෆේස්බුක් ගිණුමට හිමිකම් කියන්නේද ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝයි. 


එම සංඛ්‍යාව මිලියන 170ක්. එමෙන්ම  ලොව වැඩිම පරිශීලකයින් පිරිසක් සිටින ඉන්ටර්ග්‍රෑම් ගිණුමට හිමිකම් කියන්නේද ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝයි. එම සංඛ්‍යාව මිලියන 636ක්.


Post a Comment

0 Comments
Post a Comment (0)
ළ්ෂ

#buttons=(OK) #days=(20)

ඊලඟ පාර එනකොට වෙබ් සයිට් එක ඉක්මනින් ලෝඩ් වෙන්න OK ඔබන්න.
Accept !
To Top