ඉරාකයේ ගැහැනු ළමුන්ගේ විවාහ වයස අවුරුදු 9 දක්වා අඩුකරන්නැයි යෝජනාවක්

0
iraq child marriage

 කාන්තාවන්ගේ නිත්‍යානුකූල විවාහ වයස් සීමාව අවුරුදු 9 දක්වා අඩු කිරීමට අදාළ යෝජනාවක් ඉරාක පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව තිබේ.


මේ දක්වා කාන්තාවන්ගේ නිත්‍යානුකූල විවාහ වයස් සීමාව ලෙස පැවති අවුරුදු 18ක වයස් සීමාව අවුරුදු 9ක දක්වා අඩු කිරීම සඳහා වන සංශෝධිත පනත් කෙටුම්පතක් එරට අධිකරණ අමාත්‍යවරයා විසින් මෙලෙස ඉදිරිපත් කර ඇති බව සඳහන්ය.

කෙසේවෙතත් යෝජිත පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ශව රැසක අප්‍රසාදය පළ වී තිබේ.

මෙය රට පුරා විරෝධතා අවුලුවා ඇති අතර කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරීන් එය හඳුන්වා ඇත්තේ “ළමා දූෂණය නීතිගත කිරීමක්'' ලෙසයි.


ඉරාකයේ දේශපාලන ක්‍රමයේ ආධිපත්‍යය දරන ෂියා ආගමික කණ්ඩායම් දශකයකට වැඩි කාලයක් රට තුළ කාන්තා අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.


පනත් කෙටුම්පත සම්මත වුවහොත් ගැටලු රැසක් නිර්මාණය වනු ඇති බව කාන්තා සංවිධාන පෙන්වා දී ඇත.

Post a Comment

0 Comments
Post a Comment (0)
ළ්ෂ

#buttons=(OK) #days=(20)

ඊලඟ පාර එනකොට වෙබ් සයිට් එක ඉක්මනින් ලෝඩ් වෙන්න OK ඔබන්න.
Accept !
To Top