කාලේ අරක්කු බෝතලේ මිල අඩුකරන්න...සුරාබදු කොමසාරිස් ඉල්ලයි

0

kale bothale
 

මත්පැන් කාල බෝතලයක මිල රුපියල් සියයකින් අඩු කරන ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ ගුණසිරි මත්පැන් නිෂ්පාදකයන්ගෙන් ඊයේ (01 වැනිදා) ඉල්ලීමක් කර ඇති බව වාර්තා වනවා.


ඒ මත්පැන් නිෂ්පාදකයන් සමග සුරාබදු දෙපාර්තමේන්තුවේදී ඊයේ පැවැති විශේෂ රැස්වීමකදී.


මේ වනවිට එතනෝල් ලීටරයක මිල රුපියල් 600-700ත් අතර මිලකට අඩුවී තිබීම නිසා මත්පැන් මිල අඩු කිරීමේ හැකියාවක් ඇති බව ඔහු පෙන්වා දෙනවා.


මිල ඉහළ යාම නිසා මත්පැන් අලවිය 40%කින් අඩුවී ඇති බවත් පාරිභෝගිකයන් නීතිවිරෝධී මත්පැන් භාවිතයට පෙළඹීම වැඩිවී ඇති බවත් මෙහිදී ඔහු අවධාරණය කළා.


එහෙත් මත්පැන් නිෂ්පාදකයන් පෙන්වා දී ඇත්තේ සුරාබදු සහ මත්පැන් නිෂ්පාදන අමුද්‍රව්‍යවලට පනවා ඇති බදු නිසා මිල අඩු කිරීමට නොහැකි බවයි.

Tags

Post a Comment

0 Comments
Post a Comment (0)
ළ්ෂ

#buttons=(OK) #days=(20)

ඊලඟ පාර එනකොට වෙබ් සයිට් එක ඉක්මනින් ලෝඩ් වෙන්න OK ඔබන්න.
Accept !
To Top