
WhatsApp Web පාවිච්චි කරන අයට අලුත්ම ආරංචියක්! දැන් කිසිම App එකක් Install කරන්නේ නැතුව කෙලින්ම ඔයාගේ Web Browser එකෙන්ම WhatsApp Voice සහ Video Calls ගන්න පුළුවන්! 💻📞
මීට කලින් Computer එකෙන් WhatsApp Calls ගන්න නම් වෙනම Desktop App එකක් දාගන්නම වුණා. ඒත් WhatsApp සමාගම විසින් 2026 ජූලි 28 හඳුන්වා දුන් අලුත්ම අප්ඩේට් එකත් එක්ක දැන් Chrome, Edge, Safari සහ Firefox වැනි ඕනෑම ප්‍රධාන බ්‍රවුසරයක් හරහා මේ පහසුකම ලබාගන්න පුළුවන්.
මේ අලුත් අප්ඩේට් එකත් එක්ක තවත් සුපිරි Features කිහිපයකුත් එකතු වෙලා තියෙනවා:
✨ Call Transfer:
ඔයා Phone එකෙන් කතා කර කර ඉන්න Call එකක් cut කරන්නේ නැතුවම කෙලින්ම PC එකේ WhatsApp Web එකට මාරු කරන්න දැන් පුළුවන්.
✨ Screen Sharing:
Web Browser එකෙන් Call එකේ ඉන්න ගමන් ඔයාගේ Screen එක අනිත් අයට පෙන්නන්න (Share කරන්න) අවස්ථාව ලැබෙනවා.
✨ Waiting Room:
Call Link එකක් හරහා කවුරුහරි Group Call එකකට සම්බන්ධ වෙද්දී, ඔයා Approve කරනකම් රැඳී ඉන්න වෙනම Waiting Room එකක් මෙහි අන්තර්ගතයි.
✨ QuickHD & Noise Suppression:
Call එකක් ගත්තු ගමන්ම තත්පර කිහිපයක් ඇතුළත High Definition (HD) කොලිටි එකෙන් Video එක පෙන්වන අතර, අවට තියෙන ඝෝෂාකාරී ශබ්ද (Background noise) ඉවත් කර පැහැදිලි කටහඬක් ලබා දෙනවා.
ඒ වගේම, මේ හැම Call එකක්ම End-to-end Encrypted නිසා ඔයාගේ පෞද්ගලිකත්වය උපරිමයෙන්ම ආරක්ෂා වෙනවා. ඔෆිස් එකේ ඉන්න ගමන් හෝ වෙනත් වැඩක් කරන අතරතුර ලේසියෙන්ම කෝල් ගන්න මේක ගොඩක් ප්‍රයෝජනවත් වේවි.