දළදා සමිදුන් වැඳ පුදා ගත් මයිකල් ක්ලාක්

0
micheal clarke


 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ සන්නාම තානාපති ලෙස කටයුතු කරන ඔස්ට්‍රේලියානු හිටපු විශිෂ්ට ක්‍රීඩක මයිකල් ක්ලාක් ජූලි 03 වනදා මහනුවර ශ්‍රී දළදා මාලිගාව නැරඹීමට ගොස් තිබෙනවා.


ඒ සම්බන්ධයෙන් ඔහු සිය ෆේස්බුක් ගිණුමේ ඡායාරූප එකතුවක් මෙන්ම විශේෂ සටහනක්ද එක්කර තිබුණා.


'තමන් මහනුවර පිහිටි ලෝකප්‍රසිද්ධ ශ්‍රී දළදා මාලිගාව නැරඹීමට ගිය බවත්, සෑම මසකම මිලියනයකට අධික බැතිමතුන් මෙහි පැමිණ බුදුන් වහන්සේට 

 ගෞරව දක්වන බවත්' ඔහු එහි දක්වා තිබුණා.


එල්.පී.එල්. තරගාවලියට සහභාගිවීම සඳහා මයිකල් ක්ලාක් මහතා ඉකුත් 30 වැනිදා රාත්‍රියේදී ශ්‍රී ලංකාවට පැමිණියා.


ඔහු සන්නාම තානාපති වගකීමට අමතරව මෙම තරගාවලියේ විස්තර විචාරක මණ්ඩලයටද ඇතුළත්ව සිටියි.

Michael Clarke

Post a Comment

0 Comments
Post a Comment (0)
ළ්ෂ

#buttons=(OK) #days=(20)

ඊලඟ පාර එනකොට වෙබ් සයිට් එක ඉක්මනින් ලෝඩ් වෙන්න OK ඔබන්න.
Accept !
To Top