දකුණු අමෙරිකාවේ දේව මෙහෙයකදී කුරුසයක් කඩා වැටී පූජකවරයෙක් මියයයි; දෙවියන් වහන්සේ නොබැලුවැයි චෝදනා [VIDEO]

0
kuruse kadagena watima

දකුණු අමෙරිකාවේ ඊක්වඩෝර් (Ecuador) රාජ්‍යයේ දේවස්ථානයක පැවැත්වූ දේව මෙහෙයක් අතරතුර සිදුවූ හදිසි අනතුරකින් කතෝලික පූජකවරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වීඩියෝවකින් වාර්තා කරනවා.

Patricio Sánchez නම් මෙම පූජකවරයා ගුයාකිල් (Guayaquil) නගරයේ 'පර්පෙටුවෝ සොකොරෝ' (Perpetuo Socorro) දේවස්ථානයේ දේව මෙහෙය මෙහෙයවමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී තිබුණා.

ඒ අනුව පූජාසනය පිටුපස බිත්තියේ සවිකර තිබූ විශාල ලී කුරුසයක් හදිසියේ ගැලවී පූජකවරයාගේ හිස මතට කඩා වැටී තිබෙනවා.  

මෙම දේව මෙහෙය ඒ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සජීවීව විකාශය වෙමින් පැවති බැවින්, අනතුර සිදුවන ආකාරය ද එහි කැමරාවල පටිගත වී තිබෙනවා.

පූජකවරයාගේ අභාවය සම්බන්ධයෙන් ගුයාකිල් අගරදගුරු පදවිය විසින් නිල වශයෙන් මරණය තහවුරු කර ඇති අතර, ඔහුගේ පවුලේ සාමාජිකයන්ට සහ ප්‍රදේශයේ ආගමික ප්‍රජාවට සිය බලවත් ශෝකය පළ කර තිබෙනවා.

කෙසේ වෙතත්, දේවස්ථාන බිත්තියේ සවිකර තිබූ මෙම විශාල කුරුසය හදිසියේ ගැලවී වැටීමට හේතුව කුමක්ද යන්න පිළිබඳව මෙතෙක් නිල පැහැදිලි කිරීමක් කර නැති බවයි එම මාධ්‍ය පවසන්නේ. කෙසේ වෙතත් මිනිසුන් පවසන්නේ පියතුමෙකුවත් බේරා ගත නොහැකි දෙවියන් වහන්සේ සාමාන්‍ය මිනිසුන දිහා කෙසේ බලන්නේද යන්නයි.

Post a Comment

0 Comments
Post a Comment (0)
ළ්ෂ

#buttons=(OK) #days=(20)

ඊලඟ පාර එනකොට වෙබ් සයිට් එක ඉක්මනින් ලෝඩ් වෙන්න OK ඔබන්න.
Accept !
To Top