
බංග්ලාදේශයේ වයස අවුරුදු 18ට අඩු තරුණියන්ගෙන් 47.2%ක්ම බාලවයස්කාර විවාහයන්ට ගොදුරු වන බව 2025 නවතම සමීක්ෂණ වාර්තා අනාවරණය කරයි.
මෙම තත්ත්වය වැළැක්වීම සඳහා ගැහැණු දරුවන් පාසල් අධ්යාපනය තුළ රඳවා ගැනීමටත්, බාලවයස්කාර විවාහ සඳහා මඟපාදන නීතිමය හිඩැස් වහාම වසා දැමීමටත් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) බංග්ලාදේශ රජයෙන් ඉල්ලා සිටී.
බංග්ලාදේශයේ නිල සංචාරයක නිරත වූ යුනිසෙෆ් හි විධායක අධ්යක්ෂිකා කැතරින් රසල් පෙන්වා දෙන්නේ, අඩු වයසින් විවාහ වීම නිසා දැරියන්ගේ අධ්යාපනය අඩාල වන අතර, අඩු වයසින් ගැබ්ගැනීම් ඇතුළු බරපතල සෞඛ්ය හා සමාජීය ගැටලුවලට ඔවුන් මුහුණ දෙන බවයි.
මේ හේතුවෙන් රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 5%ක් අධ්යාපනය හා සෞඛ්යය සඳහා ආයෝජනය කිරීමට ඇති පොරොන්දුව ක්රියාවට නංවන ලෙස ද ඇය එරට බලධාරීන්ගෙන් ඉල්ලා සිටියාය.
ගායනී ශ්රී නිශ්ශංක
source : Mawbima