34 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙක් හිමාල කන්දෙන් පැන නව ලෝක වාර්තාවක් තියයි [VIDEO]

0

himalaya jump

හිමාල කඳු මුදුනේ අඩි 18,753 ක් උසක සිට, හිම මත ලිස්සා යමින්, පැරෂූට් ආධාරයෙන් පැන (ski-base jumping) ලෝක වාර්තාවක් පිහිටුවීමට 34 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික ජෝෂුවා බ්‍රෙග්මන් සමත් වී තිබේ.


ඔහු එහිදී, ප්‍රංශ ක්‍රීඩක මැතියස් ගිරාඩ් විසින් 2019 වර්ෂයේදී පිහිටුවන ලද මීටර 4,359 (අඩි 14,301) වාර්තාව අභිබවා යෑමට සමත්ව ඇත.

ඔහුගේ පළමු පැනීමේ ස්ථානයේ පාෂාණමය බෑවුමක් තිබීම නිසා පළමු උත්සාහය අසාර්ථක වී ඇති අතර පසුව ඔහු හැකි ඉක්මනින් නැවත සුදුසු ස්ථානයක් සොයාගෙන ඇති බවයි, සඳහන් වෙන්නේ.


නේපාලයේ ළමා ජාවාරම් සිදුවන අතර, එය වැළැක්විය යුතු බවත් ලෝකයේ අවධානය ඊට යොමු විය යුතු බවත් පෙන්වා දෙමින්, ජෝෂුවා බ්‍රෙග්මන් මෙම වික්‍රමය සිදු කිරීම විශේෂත්වයකි.


Post a Comment

0 Comments
Post a Comment (0)
ළ්ෂ

#buttons=(OK) #days=(20)

ඊලඟ පාර එනකොට වෙබ් සයිට් එක ඉක්මනින් ලෝඩ් වෙන්න OK ඔබන්න.
Accept !
To Top