එංගලන්තය බලා යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නම් කෙරේ

0
sri lanka cricket

 සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා එංගලන්තය බලා පිටත්ව යෑමට නියමිත 18 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත්විය.


ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයට වසර දෙකකට පසු පැතුම් නිශ්ශංක සහ ඉන්දියාවට එරෙහි දෙවැනි එක්දින තරගයේදී විශිෂ්ට පන්දු යැවීමට නිරත වූ ජෙෆ්රි වැන්ඩසේ කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර ඇත.


ශ්‍රී ලංකා සංචිතය


ධනංජය ද සිල්වා (නායක),
කුසල් මෙන්ඩිස් (උප නායක),
දිමුත් කරුණාරත්න,
නිශාන් මදුශ්ක,
පැතුම් නිස්සංක,
ඇන්ජලෝ මැතිව්ස්,
දිනේෂ් චන්දිමාල්,
කමිඳු මෙන්ඩිස්,
සදීර සමරවික්‍රම,
අසිත ප්‍රනාන්දු,
විශ්ව ප්‍රනාන්දු,
කසුන් රාජිත,
ලහිරු කුමාර,
නිසල තාරක,
ප්‍රභාත් ජයසූරිය,
රමේෂ් මෙන්ඩිස්,
ජෙෆ්රි වැන්ඩසේ සහ මිලාන් රත්නායක.


මෙම ටෙස්ට් තරගාවලිය එළඹෙන 21 වැනි දා මැන්චෙස්ටර්හිදී ආරම්භ වීමට නියමිතය.


- සිසිර ඉන්ද්‍රජිත්

Post a Comment

0 Comments
Post a Comment (0)
ළ්ෂ

#buttons=(OK) #days=(20)

ඊලඟ පාර එනකොට වෙබ් සයිට් එක ඉක්මනින් ලෝඩ් වෙන්න OK ඔබන්න.
Accept !
To Top