දවසට පස් වතාවක් පල්ලි යන්න ඕනෑ: නැතිනම් දඬුවම්...ඇෆ්ගන් ෂරියා නීතිය කරලියට

0

 රාජ්‍ය සේවකයන් සියලු දෙනා දිනකට පස් වතාවක් පල්ලි යා යුතු බවත්, හසේ නොකරන්නේ නම්, දැඩි දඬුවම් විඳීමට සිදුවනු ඇති බවත් ඇෆ්ගන් තලේබාන් උත්තරීතර නායක හිබතුල්ලා අකුන්ඩ්සාදා නියෝග කර තිබේ. 


රාජ්‍ය සේවකයන්ට පල්ලි යෑමට වෙනම කාලය වෙන් කර දෙන බවත්, එම කාලය ඇතුළත ළඟම ඇති පල්ලියට ගොස් යාඥා කළ යුතු බවත් උත්තරීතර නායක අකුන්ඩ්සාදාගේ නියෝගයේ වැඩි දුරටක් සඳහන් වෙයි.


ඇෆ්ගන් උත්තරීතර නායක අකුන්ඩ්සාදාගේ අණ පරිදි ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක වන්නේ ෂරියා නීතියයි. ඇෆ්ගන්වරුන්ගේ ෂරියා නීතිය ඔවුන්ටම ආවේණික එකකි. ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානයෙන් නිකම යෑමෙන් පසු, තලේබාන්වරුන් යළි බලය අත්පත් කර ගත්තේ 2021 දීය.


බාලිකා අධ්‍යාපනයට තහංචි පැනවූයේත්, කාන්තාවන්ට රැකියා කිරීම වැළැක්වූයේත්, සංගීතය චිත්‍රපට ආදිය ඇෆ්ගනිස්තානයේ තහනම් කළේත් මෙම තලේබාන් රජයයි.

Post a Comment

0 Comments
Post a Comment (0)
ළ්ෂ

#buttons=(OK) #days=(20)

ඊලඟ පාර එනකොට වෙබ් සයිට් එක ඉක්මනින් ලෝඩ් වෙන්න OK ඔබන්න.
Accept !
To Top