ඥානසාර හිමියෝ ගංගාරාමේ පොඩි හාමුදුරුවන්ට අවසන් ගෞරව දක්වති [VIDEO]

0
gnanasara thero bodubalasena


 අපවත් වී වදාළ කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක හුණුපිටිය ගංගාරාමාධිපති ආචාර්ය පූජ්‍ය ගලබොඩ ඤාණිස්සර හිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය රාජ්‍ය අනුග්‍රහය සහිතව අද (05) පස්වරුවේ සිදුකෙරුණි.


ඒ විහාරස්ථානය ඉදිරිපිට පරිශ්‍රයේ සකස්කළ ආදාහන මළුවේදීය.


මෙරට ශාසනික සහ සාමාජයීය උන්නතිය වෙනුවෙන් අනුපමේය මෙහෙවරක නියැලි යතීන්ද්‍රයන් වහන්සේ නමක් වූ හුණුපිටිය ගංගාරාමාධිපති ආචාර්ය පූජ්‍ය පූජ්‍ය ගලබොඩ ඤාණිස්සර හිමියන් කා අතරත් ප්‍රසිද්ධව සිටියේ ගංගාරාමේ පොඩි හාමුදුරුවන් ලෙසය.


උන්වහන්සේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අගෝස්තු දෙවැනිදා අපවත් වුණි.


සිය ශාසනික චාරිකාව නිමාකරන විට පොඩි හාමුදුරුවන් 81 වැනි වියෙහි පසුවුණි.


මහා සංඝරත්නය, ආගමික නියෝජිතයින්, මැති ඇමතිවරුන් ඇතුළු බොහෝ පිරිසක් පසුගිය දින දෙකේ මෙන්ම අද උදෑසන සිටත් දිවයිනේ නන්දෙසින් එහි පැමිණෙමින් ගංගාරාමයේ පොඩි හාමුදුුරුවන්ට අවසන් ගෞරව පුදකළේය.ඥානසාර හිමියෝත් ඒ අතර විය.


ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මහතා සහ ජාතික ක්‍රිකට් කණ්ඩායමද අද දහවල් පැමිණ දේහයට අවසන් ගෞරව දැක්වුවේය. 


Post a Comment

0 Comments
Post a Comment (0)
ළ්ෂ

#buttons=(OK) #days=(20)

ඊලඟ පාර එනකොට වෙබ් සයිට් එක ඉක්මනින් ලෝඩ් වෙන්න OK ඔබන්න.
Accept !
To Top