මෙරට පිරිමි ගුරුවරයෙකුට කාන්තා ගුරුවරියන් තුනහමාරක්

0

teachers sri lanka

මෙරට රජයේ පාසල්වල සේවය කරන සමස්ත ගුරු සංඛ්‍යාව තුළ පිරිමි ගුරුවරු සංඛ්‍යාව මෙන් තුන් ගුණයකටත් වඩා ගුරුවරියන් සිටින බව අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සකස් කළ නවතම පාසල් සංගණන වාර්තාවක් මගින් අනාවරණය වෙයි.


2023(2024) ට අදාළව සකස් කර ඇති මෙම වාර්තාව අනුව මෙරට 10096 ක් වූ සමස්ත  පාසල් සංඛ්‍යාවෙහි සිසු සිසුවියන් 3882688 ක් සඳහා අධ්‍යාපන ලබා දීමට සිටින  විදුහල්පතිවරුන් හැර සමස්ත ගුරු සංඛ්‍යාව 225,216 කි.


එයින් 49521 ක් ගුරුවරු වන අතර ගුරුවරියන් 175,695 කි. ඒ අනුව මෙරට ගුරුවරුන් හා ගුරුවරියන් අතර අනුපාතය 1 ට  3.54 කි.


එමෙන්ම 3882688 ක්වූ  සමස්ත සිසු  සංක්‍යාව තුළ සිසුන් 1923591 ක් සිටින අතර සිසුවියන් ගණන 1959097 කි.ඒ අනුව සිසුන්ට වඩා සිසුවියන් 35508 ක් වැඩිපුර සිටිති.

Tags

Post a Comment

0 Comments
Post a Comment (0)
ළ්ෂ

#buttons=(OK) #days=(20)

ඊලඟ පාර එනකොට වෙබ් සයිට් එක ඉක්මනින් ලෝඩ් වෙන්න OK ඔබන්න.
Accept !
To Top