රෝහින්‍යා මුස්ලිම් අයට ලංකාවේ ඉන්න දෙන්න ඕනේ - මුජිබර් රහුමාන්

0
rohingya sri lanka

 නාවික හමුදා භාරයට පසුගියදා ගත් මියන්මාර සරණාගතයින් පිරිස රටින් පිටුවහල් කිරීමේ සූදානමක් පවතින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ප්‍රකාශ කළා.


ඔහු පෙන්වා දෙන්නේ මෙම ගැටලු‍ව, අදාළ පිරිසගේ ජිවිතය හා සම්බන්ධ ප්‍රශ්නයක් බැවින් එලෙස ක්‍රියා කිරීමෙන් වළකින ලෙස තමන් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ඉල්ලා සිටින බවයි.


ළමුන් 25 දෙනෙකු සහ කාන්තාවන් 30 දෙනෙකු ඇතුළු මියන්මාර් සරණාගතයින් 103 දෙනෙකු බහුදින ධීවර යාත්‍රාවකින් නීතිවිරෝධී අයුරින් ඉන්දියාවට යමින් සිටියදී මුල්ලිවයික්කාල්හිදී නාවික හමුදා භාරයට ගත්තේ පසුගිය දෙසැම්බර් 19 වැනිදායි.


මෙම සරණාගතයින් පිරිස ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මුලතිවුහි පිහිටි ගුවන් හමුදා කඳවුර වෙත යොමු කිරීමට අධිකරණය නියෝග කළා.


එවැනි පසුබිමක එම මියන්මාර් සරණාගතයින් පිරිස නැවැත එරටටම පිටත් කර යැවීමට වත්මන් රජය සූදානම් වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ප්‍රකාශ කරනවා.

Post a Comment

0 Comments
Post a Comment (0)
ළ්ෂ

#buttons=(OK) #days=(20)

ඊලඟ පාර එනකොට වෙබ් සයිට් එක ඉක්මනින් ලෝඩ් වෙන්න OK ඔබන්න.
Accept !
To Top