
ඉස්ලාම් ආගම අදහන්නන් ස්වීඩන් වටිනාකම් වලට අනුගත විය යුතු බවත්, ඔවුන්ගේ ජාතිකත්වය මත පදනම්ව ස්වීඩනය තුළ වෙනස් අයිතිවාසිකම් හිමි නොවන බවත් ස්වීඩන් නියෝජ්‍ය අග්‍රාමාත්‍ය එබා බුෂ් (Ebba Busch) විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සඳහන් කර තිබෙනවා. සමාන අයිතිවාසිකම් සහ ස්වීඩන් නීතිය වැනි මූලික කරුණු ප්‍රතික්ෂේප කරන ඕනෑම අයෙකු ස්වීඩනය හැරදා යා යුතු බවයි ඇය අවධාරණය කර ඇත්තේ. ෂරියා නීති සහ ඉස්ලාම්වාදය ස්වීඩනය තුළ කිසිසේත් ක්‍රියාත්මක කිරිමට ඉඩ නැති බවද, එය සම්පූර්ණයෙන්ම නැවතිය යුතු බවද ඇය දැඩිව පවසනවා.
ස්වීඩන් රජයේ සෙසු දේශපාලනඥයින් ද නියෝජ්‍ය අගමැතිවරියගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් පක්ෂව අදහස් පළ කර ඇති නමුත් ඇතැම් අය මෙය දේශපාලනඥයෙකු විසින් මුළු ආගමක්ම සැකයට සහ විවේචනයට භාජනය කරන ආකාරයක් ලෙස විස්තර කර තිබුණා. මීට පෙර ජපානය ද මුස්ලිම්වරුන්ගේ ඉල්ලීමක් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් මෙවැනිම අනතුරු ඇඟවීමක් කර තිබූ අතර එහිදී ජපාන රජය සඳහන් කර තිබුණේ ජපාන සංස්කෘතීන් පිළිගැනීමට නොහැකි ඕනෑම අයකුට සිය මව්රටට ගොස් අවශ්‍ය දෙයක් කරගත හැකි බවයි.