
Meta සමාගම WhatsApp භාවිතා කරන බිලියන ගණනක පරිශීලකයින් සඳහා බොහෝ දෙනෙක් බලාපොරොත්තු වූ Username පහසුකම ගෝලීය වශයෙන් (Global Rollout) ලබාදීම ආරම්භ කරලා තියෙනවා.
මේක හඳුන්වා දීමත් සමඟ, ඔයාගේ ෆෝන් නම්බර් එක කාටවත් නොදී WhatsApp හරහා අලුත් පුද්ගලයින් සමඟ සම්බන්ධ වීමේ හැකියාව ලැබෙනවා. විශේෂයෙන්ම Privacy සහ Security වැඩිදියුණු කිරීම සඳහා මෙය ඉතා වැදගත් වෙනසක් ලෙස සැලකෙනවා.
සාමාන්‍යයෙන් අපි හැමෝම දන්නවා මොකක් හරි Application එකට ලොග් වෙනකොට හරි Register වෙනකොට හරි Username එකක් භාවිතා කරනවා...!
ඉතින් මෙන්න මේ feature එක Meta සමාගම තමගේ WhatsApp පාවිච්චි කරන බිලියන 3කට වඩා ඉන්න Users ලගේ Privacy එක වෙනුවෙන් ගෙනත් තියෙනවා...!
දැන් ඉතින් Scams කරලා ඉවරයි..! නම්බර් වටේ යවලත් ඉවරයි..!🤌🏻
ඇත්තටම කිව්වොත් අපි හැමෝම දන්නවා WhatsApp කියන්නේ තනිකරම Privacy දෙයක්නේ...!
ඉතින් Whatsapp එක ඇතුලේ වෙන දේවල් එලියට ගියොත් අවුල් නේ.කල්පනා කරලා බලන්න...🤌🏻
ඉස්සර පුදුම කරදරයක් තමයි තමන්ගේ නම්බර් එක අහන්නෙ නැතුව වටේ යවනවා, group වලට add කරනවා... ඒවගෙන් scams කරනවා... ඉතින් හෙන හෙන ප්‍රශ්නනේ... !
අන්න ඒ වගේ දේවල් වලට මෙන්න මේ Privacy feature එකත් එක්ක අපිට කතා කරන්න තවදුරටත් අපේ Phone Number එක දෙන්න ඕනේ නැහැ...!
ඒ වෙනුවට Username එකක් පාවිච්චි කරන්න පුළුවන්...!
✅ ඔයාගේ ෆෝන් නම්බර් එක නොදන්න අයට නොදී username එක විතරක් දෙන්න පුළුවන්. මේ නිසා අදාළ කෙනාට Chat කරන්න පුළුවන් WhatsApp වලින් විතරයි. ඔයා කවුරු හරි WhatsApp වලින් Block කරොත් නම්බර් එකට Normal Call, Message කරන එක සම්පූර්ණ නවතිනවා වගේම ඔයාගේ නම්බර් එක කොහෙවත් ශෙයාර් කරන්නත් බැරි වෙනවා.
✅ Group, Community සහ Business සම්බන්ධතා වලදී පුද්ගලික අංකය අනවශ්‍ය ලෙස බෙදා ගැනීම මෙහිදී අවම වෙනවා. ඒ වගේම Online Privacy සහ ආරක්ෂාව තවත් ඉහළ නැංවෙනවා.
මේක නිකම්ම Social Media handle එකක් නෙමෙයි. Facebook වල වගේ Directory එකක් නැති නිසා කවුරුහරි ඔයාව හොයනවා නම් හරියටම Username එක දැනගෙන ඉන්නම ඕනේ...!
මේකෙන් තව කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන් ඇත්තමට අපේ නම්බර් එක එලියට යන්නේ නැද්ද කියලා..?
සම්පුර්ණම Phone Number එක මේකෙන් Hide වෙනවා කියන්න බෑ.!! මොකද මේක Optional Feature එකක් නිසා... !
මේකෙන් වෙන්නේ මේ Feature එක හැදුවොත් දන්නේ නැති අයට ඔයාගේ නම්බර් එක ගන්න බෑ.. 🤌🏻
මේක ඊයේ(2026 ජුනි 29) ඉඳලා Global Reservations පටන් අරන් තියෙන්නේ.. ඔයාට කැමති Username එකක් දැන්ම වෙන් කරගන්න (Reserve) කරගන්න පුළුවන්.. !
හැබැයි මේ සම්පූර්ණ Feature එක මේ අවුරුද්ද අග තමයි හැමෝටම Officially Release වෙන්නේ.. !
හැබැයි වේලපහින් වෙන් කරලා තියාගන්න පුළුවන් තමන්ටම කියලා... !
මේක ඉතින් අලුත් දෙයක් නෙමේ... ! හැබැයි WhatsApp වලටත් ගෙනාවා කියන්නේ ඉතින් ලොකු Privacy change එකක්..!
මේකේ Uniqueness එක සහ Languages ගැන කිව්වොත් හැම Username එකක්ම Unique වෙන්න ඕනේ...!
ඔබ හිතන Username එක වෙන කෙනෙක් විසින් දැනටමත් භාවිතා කරන්නේ නම්, වෙනත් නමක් තෝරාගත යුතු වේ.
විශේෂයෙන් 35 characters වලින් එහාට යන්න බැහැ..
අකුරු (a-z), ඉලක්කම් (0-9), "." සහ "_" වැනි සීමිත අක්ෂර පමණක් භාවිතා කළ හැක.
ඒ වගේම මේක "www." වගේ start කරන්නත් බෑ සහ .com වගේ domain extension එකකින් ඉවර කරන්නත් බෑ කියලා කියනවා..!
ඒ වගේම මේකට symbols use කරන්න පුළුවන් වගේම, row එකේ periods 2 ක් දාන්න බැහැ..🤌🏻 ටික් ටොක් වගේ වෙයිද දන්නෑ.. 🤌🏻
Content Creators ලට, Businesses වලට එයාලගේ Instagram හරි Facebook Username එකම ගන්නත් Option එකක් තියෙනවා...!
Username එක වෙනස් කළ හැකි අතර, වෙනස් කරන සෑම අවස්ථාවකදීම Chat එකේ Notification එකක් පෙන්වනු ලැබේ.
මේක Setup කරගන්න විදිය කිව්වොත් ඔයාලගේ WhatsApp එක පොඩ්ඩක් ඉස්සර වෙලා Update කරන්න..
(අලුත් එකේ පරණ bugs වගයක් එහෙම fix කරලා තියෙනවා...!)
ඊට පස්සේ යන්න ඔයාගේ WhatsApp එකට,
Settings > Account > Username කියන තැනට ගිහින් මේක හදාගන්න පුළුවන්...!
දැන් ඉතින් ගිහින් update කරලා මේක නැති උනාම බය වෙන්නෙපා.. whatsapp එක open කරන වෙලාවක උඩින් මැසේජ් එකක් එයි Reserve yours කියලා.එතනින් ගිහින් වෙන් කරලා තියාගන්න පුළුවන්. එහෙම නැත්නම් WhatsApp එකෙන් status එකක් එයි කවදහරි දවසක 'try it" කියලා...🤌🏻.එතකොට වැඩේ කරගන්න.

මේක අනිවාර්ය දෙයක් නෙමෙයි, ඔයාට ඕනෙ නම් විතරක් පාවිච්චි කරන්න පුළුවන් Optional feature එකක්..!
Cybersecurity පැත්තෙන් බැලුවොත් මේකේ තියෙන විශේෂම දේ තමයි "Username Key" කියන Option එක... මේක Extra layer of protection එකක්..!
කවුරුහරි අලුතින් ඔයාට Message එකක් දානවා නම්, Username එක වගේම ඔයා දෙන මේ special Key එකත් දැනගෙන ඉන්නම ඕනේ...!
සෙට් නැති අය ඉන්නවා නම් ඒ අයව අයින් කරලා දාන්න anytime මේ Key එක Reset කරන්නත් ඔයාට පුළුවන්...!
වෙනසක් නැ ඉතින් Telegram වගේ තමා...
මේක ඇත්තමට succuss වෙයිද..? ඔයාලට කලින් මතකයි නම් , මේ WhatsApp වල මිලියන ගානක් නම්බර් ලීක් උනා?...
අනන් ඒ වගේ ඊලග news එක මේ Username ලීක් උනා කියලා එන්න බැරි නැ.. මොකද මේවා research & testing යන හින්දා.. !
තාම Officially Release වෙලා නැති නිසා මේක ගොඩක් දුරට proper privacy එකක් එක්ක එයි කියලා හිතනවා...
මේක WhatsApp හි Privacy වැඩිදියුණු කිරීම සඳහා පසුගිය වසර කිහිපයේ හඳුන්වා දුන් විශාලතම වෙනස්කම්වලින් එකක් ලෙස සැලකෙන අතර, ඉදිරි කාලයේදී දුරකථන අංකය වෙනුවට Username භාවිතා කරමින් සන්නිවේදනය කිරීම සාමාන්‍ය දෙයක් බවට පත්වීමට ඉඩ ඇත.
Whatsapp username එකක් දැන්ම දාලා තියාගන්න 😎 නම්බර් දිදි ඉන්න ඔන්නැතිවෙයි Username එකෙන් Contact කරගන්න පුලුවන් වෙයි ඉස්සරහට 🤧
